දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය. ඒ ඊයේ (11) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සමාරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමිනි.
සෑම වසරක ම ඔක්තෝබර් දෙවන සතිය ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ලෙසින් කැබිනට් මණ්ඩලය විසින් ම ප්‍රකාශයට පත් කර ඇති බවත්, වැඩ කරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ නම් ආර්ථික ඵලදායීතාවයේ උපරිම ය ළගා කර ගත නොහැකි බවත් එහි දී ප්‍රකාශ කළ ඇමැතිවරයා, තවදුරටත් මෙසේ ද පවසා සිටියේ ය.
‘වෘත්තීය අනතුරු හා රෝග නිසා ලෝකය පුරාම සිදු වෙන මානව හා ආර්ථික පාඩුව අති විශාලයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය තමන්ගේ දත්තවලින් පෙන්වා දෙන්නේ සෑම රටක ම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හතරක් පමණ වෘත්තීය අනතුරු හා රෝග නිසා අපතේ යන බවයි.
"අපේ රටේත් වෘත්තීය අනතුරුවලින් විතරක් හැම අවුරුද්දක ම වැඩ කරන මිනිස් දින ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ මරණීය අනතුරු විස්සකට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ බොහෝ අනතුරු සිදු වෙන්නේ ඉහළ ස්ථානවල වැඩ කරද්දී නිසි සුරක්ෂිතතා ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසයි.
මෙමගින් සිද්ද වෙන මානව හා ආර්ථික හානිය මූල්‍යමය වශයෙන් සැලකුවොත් ඉතා විශාලයි. ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි අවධානයෙක් යොමු නොකර ආර්ථික ඵලදායීතාවයේ උපරිම මට්ටමට ළගා වෙන්න බැරි."