මෙවර කන්නයේ වගා සහනාධාරය අදියර දෙකක යටතේ ඉදිරි දිනවල වි වගා කරන ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
වී වගා හෙක්ටයාර් එකකට රු.25000ක මුදලක් අදියර දෙකක් යටතේ ගොවීන්ට ලබා දෙන බව අද පුවත් පත කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.
මීට අමතරව කුඹුරු භූමිවල අතිරේක අතුරුභෝග වගා කරන ගොවීන්ටද මෙවර කන්නයේදී හෙක්ටයාර් එකකට රු. 15000ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.නියෝජ්යු ඇමතිවරයා මෙසේද පැවසීය.
“වගාවට සහනාධාරයක් තමයි දෙන්නේ. ඒ මුදල ගොවිජනතාවට වගාවට අදාළ ඕනැම කටයුත්තකට යොදා ගන්න පුළුවන්. පොහොරවලට මේ මුදල් යොදා ගන්න පුළුවන් . ඕන නම් ට්‍රැක්ටරයට ගෙවන්නත් පුළුවන්. නියර සකස් කිරීමට හෝ අස්වැන්න නෙලන කටයුතුවලටත් යොදා ගන්න පුළුවන්.
මේවර යල කන්නයේදී වී වගා කරන භූමිවල කන්න රැස්වීමේ තීන්දුවක් අනුව අතුරු භෝග වගා කරනවා නම් එම ගොවීන්ට හෙක්ටයාර් එකට රු.15000ක් ලබා දෙනවා. වී ගොවියාට හෙක්ටයාර් එකකට රු.25000ක් ලබා දෙනවා. ලබා දෙන මුදල පොහොර සඳහාම කියලා නොවෙයි දෙන්නේ .
වි වගා සඳහා හෙක්ටයාර් එකකට ලබා දෙන රු.25000ක මුදලින් පළමු අදියර යටතේ රු.15000ක් ලබා දෙනවා .දෙවැනි අදියර යටතේ රු.10000ක මුදලක් ලබා දෙනවා. සත්ත්ව සංගණයට අදාළ අමාත්‍යාංශයේ කමිටුවක් තියෙනවා. මේ අනුව දෙවැනි අදියර යටතේ සත්ත්ව සංගණයක් සිදුකිරීමට තිරණය කර තිබෙනවා. තවමත් දෙවැනි අදියර ආරම්භ කරලා නැහැ.
පළමු අදියරේදී ලබාගත් තොරතුරු මත තීරණ ගැනීම වෙනුවට තවදුරටත් තොරතුරු එකතු කරලා ක්‍රමවේදයකට එන්න ඕන නිසා තමයි දෙවනි අදියරකට යන්නෙ”