නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය ක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් දුන්නද එය ප්‍රමාණවත් නොවන බැවින් වන්දි මුදල ඉහළ දැමිය යුතු බවද මහින්ද අමරවිර මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.
උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කෘ
වන්දි පිළිබව ලැබෙන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබාදිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහදි පැවැසිය.