ගොවින්ගේ වී මිලදි ගැනිම සදහා සුළු හා මධ්‍ය පරිමාණ වි මෝල් හිමියන් 672 නෙකු වෙත ඉකුත් වර්ෂයේ දි (2025) ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 13596ක මුදලක් ලබා දි ඇති බැව් සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ වි මෝල් හිමියන් 672 නෙකු සදහා රුපියල් මිලියන 16,688ක ණය ලියාපදිංචිකොට තිබුණි. රජය විසින් මෙකි වි මෝල් හිමියන් සදහා රුපියල් මිලියන 132ක පොලි සහනාධාරයක් ද ලබා දි තිබුණි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වි මෝල් හිමියන් විසින් වි මෙට්‍රික්ටොන් 112,894ක් මිලදිගෙන තිබුණි.
රජය විසින් ප්‍රකාශයට පත්කරණු ලබන සහතික මිලට වි මෝල්හිමියන් විසින් ගොවින්ගෙන් වි මිලදිගත යුතු අතර ඔඩපණ ණය සදහා වාර්ෂික පොලි අනුපාතය සියයට 11කි. ඉන් සියයට 7ක් වි මෝල් හිමියන් විසින් දැරිය යුතු අතර සියයට 4ක පොලි මුදල රජය විසින් දරණු ලබයි.