සහල් ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) මුල් මාස දෙක තුල ( ජනවාරි -පෙබරවාරි) වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 3.8ක් වන අතර එය 2025 වර්ෂයේ මුල්මාස දෙකට සාපේක්ෂව සියයට 93.1ක අඩුවිමක් බව ශ්‍රිලංකා මහබැංකු විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2025 වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුලදි සහල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 54.5ක මුදලක් වැයවි තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ මුල්මාස දෙක තුලදි සහල් ආනයනය සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 50.7කින් අඩුවි ඇත.
ඉකුත් වර්ෂයේ (2025) යල මහ කන්න දෙක තුලදි මෙරට වි මෙට්‍රික්ටොන් මිලියන 5.05ක් නිෂ්පාදනය කොට තිබුණි. එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 7.6ක වර්ධනයකි. කෙසේවුවද සම්බා සහ කීරි සම්බා හිගයට පිළියමක් ලෙස පොන්නි සම්බා, කිරි සම්බා, සහ කිරි පොල් පොන්නි ඇතළු සහල් වර්ග මෙට්‍රික්ටොන් 1040ක් ආනයනය කිරිමට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි.