තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන හෙට (10) හම්බන්තොටින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
දැනටකෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටියෝ වෙති. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්රමාණයකි.
නමුත් ඉහළ ආදායමක් ඉපයිය හැකි එළවළු, පලතුරු හා මල්වගාව ආශ්‍රිතව දැනට තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බව තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
එහි සමාරම්භය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර විවිධ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අමරවිරු පියමග 32 වැඩ සටහනට සමගාමීව මෙම තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම හෙට දින 10 දින තිස්සමහාරාමයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙක ද, 11 දින වීරකැටිය කැප්පිටියාව උතුර ගම්මානය ද තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර කෘෂිකර්ම වැඩ සටහසටහන් ආරම්භ කිරීම සිදු කෙරේ.
මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 10 හා 11 යන දිනයන්හි දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.