සහල් වලට පනවා ඇති පාලන මිලට අනුව ගොවියාගේ වී මිලට ගන්නා බවත් මේ අනුව ගොවියාගේ වී මිලදී ගැනිමට රජය කෙසේ හෝ මැදිහත් විය යුතු බවත් මහා පරිමාණය සහල් කර්මාන්තකරුවෙකු වන ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා අද (21) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසිය.
ගොවියා ඉල්ලන පරිදි රුපියල් 130 ට විකිලෝවක් මිලට ගතහොත් සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට වෙන්නේ කිලෝවක් රුපියල් 260ක් වැනි මිලකට බවත් රටේ ආර්ථික අපහසුතා මැද ජීවත්වන පාරිභෝගික ජනතාවට එම මිල දරා ගත නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය.
එම නිසා ගොවියා රජය සහ මහපරිමාණයේ ශ්‍රී ලංකාවේ සහල් මෝල් කර්මාන්තකරුවන් එක මේසයකට රැස්වී එක තීරණයකට පුළුල් සාකච්ඡාවක් කළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.
"විශාල චෝදනාවක් පවතිනවා වී මිල පිළිබඳව.nරටේ සහල් මිලත් එක්ක තීරණය කරලා තමයි අපට වී මිලදී ගැනීමට සිද්ධ වෙලා තිබෙන්නේ. මෙහිදී අපි අමු වී සහ වේලිච්ච වී කියලා මිල ගණන් දෙකකට පවත්වාගෙන යනවා. ඒක නිසා වී මිල වැඩි කරලා ගන්න නම් හාල් මිල සංශෝධනය වෙන්න ඕනේ.
ජනතාවගේ රටේ තියෙන ආර්ථික තත්ත්වය තුළ අපට එහෙම කරන්නත් අමාරුයි. ගොවි ජනතාවටත් මේ වී වලට ලැබෙන මුදල මදි බව අවබෝධ වෙනවා. .දැන් අද සාමාන්‍යයෙන් අමු නාඩු වී කිලෝ එකට ගොවියාට රුපියල් අනූ හයක් අනූ හතක් විතර ලැබෙනවා. සම්බා කිලෝ එකක් රුපියල් 115 - 110 ක් අතර වෙනවා.
සාමාන්‍යයෙන් විකිලෝ එකක් 115ක් කියන්නේ හාල් කිලෝ එකකට රුපියල් 230 ක් වෙනවා. පාලන මිල තියෙන්නෙ හාල් කිලෝවට රුපියල් 220 ඒ නිසා නාඩු හාල් කිලෝවක් පාරිභෝගික ජනතාවට පාරිභෝගික ජනතාව අතට යන්න තවමත් අපි පත් කරලා තියෙනවා.
රජය දැන් වී මිලට අරගන්නෙත් නෑ දැන් ගොවියගෙන් රජය වී කිලෝවක් 110 රුපියල් 115 ට මිල කරලා ගන්නවනම්.ගොවි ජනතාවට සහනයක් තියෙනවා අපිට ඉතින් එතනට දෙන්න පුළුවන්නේ කියන එක පිළිබඳව. රජයත් බලන්න ඕනේ මේ වෙලාවේ ගොවියගේ වී ටිකක් කොහොමහරි අරගන්න මොකද අපිට හැමවෙලේම සහල් කර්මාන්තකරුවන්ට වී මිලයට ගැනීමට පුළුවන් වෙන්නේ රටේ පවතින සැහල්මිලත් එක්ක තමයි.
අපි කියමුකෝ දැන් වි කිලෝවක් රුපියල් 130 ක් ගොවි මහත්වරු ඉල්ලනවා නම් හාල් කිලෝ එක යනවා රුපියල් 260ට ඉතින් අද ඒ ගණන්වලට මේ රටේ සහල් දෙන්ඩ බෑනේ ඒ නිසා තමයි මේ වී මිල පල්ලෙහාට වෙලා තියෙන්නේ ඒක තමයි මම කියන්නේ මේකට පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා රජය ගොවී මහත්තුරු සහ සහල් කර්මාන්තකරුවන් අතර"