කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය.
ඒ් අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76ක්, සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87ක්, සම්බා වී කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක්, කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව එම වාර්තාවේ ස ඳ හන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අනුරාධපුර පණ්ඩුලගම කොරකහාවැව පිහිටි පලාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව, වී කිලෝවක පිරිවැයට සීයයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පැවැසිය.