වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 115000ක් ගබඩා කර ඇති අතර ඉදිරි යළ කන්නයේ ගොවින්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමටත්, ගබඩා පහසුකම් ලබා ගැනීමත් අරමුණු කර ගනිමින් වී තොගයෙන් කොටසක් අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.