යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ඊයේ (18) දින සිට ආරම්භ කරනු ලැබීය. ඒ් අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වශයෙන් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලබයි.
ඒ යටතේ දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් ඊයේ දින තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටවයුතු කළේය.
අම්පාර දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මගින් ඊයේ දිනය තුළ වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිල දී ගැනීමට කටයුතු කළ බවට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තමන් දැනුම්වත් කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද දින (19) පෙරවරුවේ අමාත්‍යවරයා ඊයේ දිනය තුළ වී මිල දී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව තොරතුරු වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාගෙන් විමසනු ලැබීය.
එමෙන්ම අද දවස තුළ වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩිකරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඒ අනුව අද දිනය තුළ ගබඩා 75- 100 දක්වා ප්‍රමාණයක් වී මිල දී ගැනීමේ කටයුතු සඳහා විවෘතව තැබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.එමෙන්ම වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීම ද ක්රමාණුකූලව පුළුල් කිරීමට සැළසුම් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ. එමනිසා වෙළෙඳ පොළේ වී කිලෝවක මිල සීග්‍රයෙන් පහත වැටීම නිසා ගොවි ජනතාවගේ වී අස්වනු කුණු කොල්ලයට මිල දී ගැනීමට ඇතැම් ව්‍යාපාරිකයින් කටයුතු කරමින් සිටී.
එම තත්ත්වය නිසා වී කිලෝවක් සඳහා අවම මිලක් ලබා දෙමින් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගත්තේය.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ PMB Rice සහල් නිෂ්පාදන කටයුතු ඉදිරි කාලය තුළ පුළුල් කිරීමටත් වී අලෙවි මණ්ඩලයට සැළසුම් කර ඇත.