වී අළෙවි මණ්ඩලය රුපියල් එකසිය විසිහතර කෝටි අසූහත් ලක්ෂ තිස්නවදහස් හැත්තෑ නවයක (1,248,739,079) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් වී අළෙවි මණ්ඩලය සම්බන්ධයෙන් 2024.02.11 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
වී අළෙවි මණ්ඩලය 2020 වර්ෂයේ ලබා ඇති පාඩුව2019 වර්ෂයට සාපේක්ෂවරුපියල් පනස් කෝටි හැත්තෑ ලක්ෂහැත්තෑ පන්දහස් අටසිය හතරකින් (507,075,804) වැඩි වී ඇති බවද සඳහන් වේ.මෙකී පාඩුව රුපියල්තුන්කෝටි හැටහත් ලක්ෂඅනූහයදහස් හයසිය තිස්අටක් (36,796,638) වේ.වෙනත් ආදායම් අඩු වීම හා මූල්‍ය වියදම, රුපියල් හැත්තෑ එක්කෝටිහැත්තෑ දෙලක්ෂ විසිපන්දහස් අටසිය විසිහතරකින් (717,225,824)වැඩි වීඇති බවද එම විගණනය මගින් අනාවරණය කොට ඇත.
වීඅළෙවි මණ්ඩලය විසින් මහා භාණ්ඩාගාරය සඳහා රුපියල් හයසිය හැටඅට කෝටි හතළිස් පන්ලක්ෂ පනස්හතරදහස් පන්සිය තිස්හතරක මුදලක්(668,45,54,534)ගෙවීමට තිබූ අතර, එම මුදල 2023 වර්ෂයේ අප්‍රේල් මස 30වන දින දක්වා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබූ බවට විගණනය මගින් අනාවරණය කොට ඇත.
වී අළෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබූ වී තොග වෙළඳ පොළ මිලට හා පිරිවැය මිලට වඩා අඩු මිලකට විකිණීමට හේතුවෙන් ඊළඟ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සහ පාඩු පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් හා රාජ්‍ය බැංකු වලින් ණය පහසුකම් ලබා ගෙන තිබුණි. රාජ්‍ය බැංකු දෙකකින්ලබා ගෙන තිබූ ණය සඳහා 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31වන දිනට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන22,652,79ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් මිලියන 28,67කි. වී අළෙවි මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු විවිධ ආයතන මගින් රුපියල් හැත්තෑකෝටි හැටහත් ලක්ෂ තිස්හත්දහස් අනූඅටක(706,737,098)මුදලක් ලැබීමට තිබුණි. මේ අතර වී මෝල් හිමියන්ගෙන් රජයට ලැබීමට ඇති ණය මුදල හයකෝටි දාසය ලක්ෂ අනූනවදහස් නවසිය පනස්එකකි(61,699,951).වී අළෙවි මණ්ඩලයේ වත්කම්ද ඍණ අගයක්බවට වර්ධනය වී ඇති අතර, මේ නිසා වී අළෙවි මණ්ඩලය රාජ්‍ය මූල්‍ය අනුග්රාහකයන් තොරව පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
චන්දන සමරවික්‍රම