වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න
සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අද (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්ණ ශාලාවේදී ආරම්භ වූ “PET EXPO 2026” ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇය මේ බව පැවසුවාය.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ “ආලෝකා” ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය කටයුතු කළාය. එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් අග්‍රාමාත්‍යතුමිය විසින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
"පන්සල් වැනි පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් දමායාම රටේ වැරදි පුරුද්දක් වෙලා තිබෙනවා, වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි.
එමෙන්ම සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකි වී තිබීම තුළින්, සතුන්ගේ ජීවිත යහපත් කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබෙන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෑතකදී ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ දියණියක සහ ඉත්තෑවකු අතර ඇති වූ සුවිශේෂී සත්ව සබැඳියාව සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, සුරතල් සතුන් සහ දරුවන් අතර පවතින සබඳතාවය දරුවන්ගේ ජීවිතවලට අතිශය වැදගත් වන බවයි. සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග ප්‍රායෝගිකව එක් කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
