අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගීත ප්රසංගයකදී වෙන්දේසිය සඳහා බීර බෝතල් දෙකක් සහ නීතිවිරෝධි මත්පැන් බෝතල් කිහිපයක් තබා ඇතැයි වාර්තා වෙයි.
කුසුම් බඳුනට පෙර බීර බෝතල් දෙක රුපියල් 2800කට වෙන්දේසි කර ඇති අතර තරුණ සංවිධායක පිරිස සහ විහාරයේ වැඩ වෙසන නඟරයේ ප්රධාන පාසලක ගුරුවරයෙකු ලෙසින් කටයුතු කරන ස්වාමීන්වහන්සේ නමක් එක්ව මෙම ක්රියාව සිදුකර ඇතැයිද සඳහන්.
කෙසේ නමුත් විකිණීම සඳහා සූදානම් වන අවස්ථාව වනවිටත් මේ තුල බීර ඇති බවට කිසිදු අවස්ථාවක හඟවා නොමැති බවද මෙම මත්පැන් බෝතල් තබා ඇත්තේ වෙන්දේසියට ඉහල ආධායමක් අපෙක්ෂාවෙන් බවද සඳහන් වෙයි.
වෙන්දේසිය ඇරඹුණු අවස්ථාවේදී එහි මල්ලක බහා ලූ මත්පැන් බෝතලයක් වෙන්දේසිය සඳහා ගෙන ඇත්තේ %ගමේ අමෘත්තය^ ලෙසින් හඳුන්වා දීමෙන් වන අතර එහි වෙන්දේසි මිල ලෙස රුපියල් 5800ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වාර්තා වෙයි. එහිදි එම වෙන්දේසිය උච්චතම අවස්ථාවේදි එම මත්පැන් බෝතලය අදාල මල්ලෙන් පිටතට ගෙන ඇති අතර එම අවස්ථාවේදි ඒ අසලට සල්පිලේ ප්රධාන ආරාධිතයෙකු ලෙස පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාල නීති විරෝධි මත්පැන් බෝතය වෙන්දේසියෙන් ඉවත් කරන ලෙස සංවිධායක මණ්ඩලයට දැනුම් දී තිබේ.
එම අවස්ථාවේදි සල්පිල මොහොතකට නතර වී ඇති අතර සිද්ධිය පිලිබඳව විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේව දැනුවත් කිරීමට කටයුතු කර ඇති නමුත් අදාල පොලිස් නිලධාරියාට එම ස්වාමින්වහන්සේ විසින් පහරදී ඇතැයිද සඳහන්.
අදාල පොලිස් නිලධාරියා විසින් නීතිවිරෝධි මත්පැන් බෝතලක් වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදලට වඩා වැඩි අපවාදයක් විහාරස්ථානයට මෙන්ම ආගමටත් සිදුවන බව පෙන්වාදීමෙන් අනතුරුව එම මත්පැන් බෝතලය අදාල වෙන්දේසියෙන් ඉවත් කර නැවත වෙන්දේසිය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.