රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 07/06 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ සහ හැටන් ප්රදේශ වල පදිංච් , විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකි .
ඔවුන් 07/06 දින අලුයම 01.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 20 ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් විස්කි බෝතල් 378 ක් සහ කරදමුංගු කිලෝ ග්රෑම් 132 ක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති
.