විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැකවීම සඳහා ජනාධිපත් කාර්යසාධක බලකායක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙ අනුව එම ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා සුදුසු ප්‍රා යෝගික ක්‍රියාමාර්ග හඳුනාගැනීම, සැලසුම් කිරීම හා ක්‍රියාවට නැංවිම මෙම කාර්ය සාධක බලකාය මගින් අපෙක්ෂා කරයි.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරු මෙම කැබිනට් පත්‍රිකාව ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.