2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් සිසුන් 13,392ක් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවැසීය.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති හමුවකදී ඇය මේ බව පැවැසුවාය.
මෙවර සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවත් විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සලකා බැලීමේදී එය 73.45%ක ප්‍රතිශයක් බවද ඇය පැවැසුවාය.සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.