අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක එළඹෙන 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස ඉල්ලීමක් ඇතුළත් ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් උන්වහන්සේලාට පිළිගැන්වීය .
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (17) මහනුවරට පැමිණ පළමුවෙන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැ දැක ජනාධිපතිවරයා ගේ ලිපිය භාරදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී මහනාහිමියන් අගමැතිවරයාට දැනුම්දී ඇත්තේ දළදා තේවාව භාරව සිටිනු ලබන්නේ අස්ගිරි පාර්ශවය බැවින් ඒ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් සමග සාකච්ඡා කිරීම සුදුසු බවයි.
ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් බැහැදැක ජනාධිපතිවරයා ගේ ලිපිය භාරදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවූ මහා නායක හිමියන් මේ කාලය හැමෝටම අමාරු කාලයක් නේදැයි පෙරළා ප්‍රශ්න කර සිටියේය.
ඉන් අනතුරුව දළදා මාලිගාවට ගිය අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවී ජනාධිපතිවරයාගේ විශේෂ ලිපිය දියවඩන නිලමේවරයා වෙත භාරදී තිබේ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ ලබන වසරේ පෙබරවාරි මාසයට යෙදෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සමරු උත්සවයට සමගාමීව රටට සෙත් පතා විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම ජනාධිපති වරයාගේ අභිලාෂය වී ඇති බවත් ඒ හා සම්බන්ධ පණිවිඩය ඇතුළත් විශේෂ ලිපියක් මහනාහිමිවරුන්ටත් දියවඩන නිලමේවරයාටත් භාරදුන් බවත් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමේ දින වකවානු අතිගරු මහා නායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා විසින් සාකච්ඡා කොට ඉදිරියේදී තීරණය කරනු ඇති බවත්ය.
ෂේන් සෙනෙවිරත්න

