ආපදාවට පත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු හා පිළිසකර කිරීමේ කටයුතු වලට විශාල වශයෙන් වාහන ගමන් කිරිම බාධාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සහන කණ්ඩායම් විශාල ලෙස වාහන රාශියකින් ගමන් කිරමින් සහන ලබාදීම විශේශයෙන් අගය කරන නමුත් මෙසේ විශාල වශයෙන් වාහන පැමිණිම ඇතැම්විට පිළිසකර කිරීමේ කටයුතුවලට බාධාවක්ව ඇති බවයි.
එසෙමෙ අනතුරට පත් ස්ථාන නැරඹිමටද මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවත් එසේ පැමිණිමෙන් වැළකී සිටින ලෙසත් ඔහු පැවැසිය. ඇතැම් මාර්ග මේ වන විට තනි අතට දිවෙන මාර්ග පමණක් බවට පත්කර ඇති බවද ඔහු පැවැසීය.
සහන කණ්ඩායම් පැමිණිමේදී අදාළ දිස්ත්‍රික්කවල දිසාපති මෙන්ම එ් ඒ පොලිස් කොට්ඨාසය භාර පොලිස් ස්ථානාධිපති සම්බන්ධකරගෙන පැමිණිමෙන් ඇතිවන බාධා ඉවත් කර ගැනිමට හැකියාවක් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.