නැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගයෙන් විශාල අස්වැන්නක් ලැබෙන නමුත් වී කෙටීමේදී වී ඇට තුනට කැඩී යන බැවින් එවැනි වී වර්ගයක් ගොවීන්ට හඳුන්වාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබේ.
අදාළ වී වර්ගය වී අලෙවි මණ්ඩලය හෝ පුද්ගලික අංශයෙන් මිලදී නොගන්නා බැවින් ගොවීහු මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව සිටිති. ඒ අනුව ඉදිරි කන්නවලදී මෙම වී වර්ගය වගා කිරීම හෝ වෙනත් වී වර්ගයක් හඳුන්වා දීම කරන්නේ නම් ඒ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවධාරණය කර ඇත.
මේ අතර, මෙම වී වර්ගයෙන් ලැබී ඇති අස්වැන්න සත්ත්ව ආහාර සඳහා හෝ වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.