පසුගිය 2020 සහ 2024 වර්ෂ තුළදී විශ්‍රාම ගැන්වූ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමට 2024 වර්ෂයේදී විශ්‍රාම ගියපසු නිසි වැටුප් වැඩිවීමක් සිදු නොවීම මත ගැටළු රාශියක් උද්ගතවී ඇතිබව 2020/2024 විශ්‍රාමිකයන්ගේ එකමුතුවේ ජාතික සංගමයේ විධායක සභික ආරිය වංශ කොඩිකාර මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව පෙන්වා දුන්නේ 2020 /2024 විශ්‍රාමික එකමුතුවේ හම්බන්තොට දිස්ත්‍රික් එකමුතුවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි
ඔහු පෙන්වා දෙන්නේ 2020 දක්වා සිටි රාජ්‍ය නිලධාරීන්ට තිබු විශ්‍රාම වැටුපෙ ගැටලුවට විසදුමක් ලෙස 2020 පෙර සිටි විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප යම්කිසි එක්තලයකට ගෙන එනු ලැබූ අතර ඒ තුලින් ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙ අඩුපාඩු සම්පුර්ණ වූ බවත් මෙම ආණ්ඩුව මගින් 2025 දී ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ ලබානොදුන් වැටුප් වැඩිවීමක් ලබා දෙනු ලැබුවත් 2020 සහ 2024 සිටි රජය නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොවූ බව ඔහු පෙන්වා දෙයි. අපි ඉල්ලන්නේ 2020 සිට 2024 දක්වාවූ කණ්ඩායමටත් අන්අයට සේම වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස බවද ඔහු කියා සිටියේය.
