ත්රිරෝද රථය ගසක ගැටී
විශ්රාමික හමුදා සෙබලා ජීවිතක්ෂයට
අනුරාධපුර විශේෂ - බී.ජී.චතුරංග
මහනුවර යාපනය ඒ-9 මාර්ගයේ වෙල්ලාරගම ප්රදේශයේදී (16දා) සිදු වූ මාරක රිය අනතුරකින් විශ්රාමික යුධ හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මාතලේ ප්රදේශයේ පදිංචිව සිටි පී. රත්න කුමාර නැමැති 61 හැවිරිදි විශ්රාමික සෙබළෙකු වන දෙදරු පියෙකි.
රඹෑව ප්රදේශයේ සිට මාතලේ දක්වා ත්රිරෝද රථයකින් දරුවන් සමඟ ගමන් කරමින් සිටියදී ඒ 9 මාර්ගයේ වෙල්ලාරගම ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
ත්රිරෝද රථයේ රියදුරා වන, මරණකරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
අනතුරින් එම විශ්රාමික සෙබලා බිරිඳ සහ දරු දෙදෙනා ප්රතිකාර සඳහා මිහින්තලය රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විශ්රාමික හමුදා සෙබලා ජීවිතක්ෂයට පත් වූ බවත් බිරිඳ සහ දරු දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එන්. එල්. ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.