මහියංගණය සොරබොර ප්‍රදේශයේදී තම සැමියා පිහියකින් කපා ඝාතනය කළේ යැයි සැකපිට ඔහුග් බිරිඳ අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි .
ඊයේ (06) දින රාත්‍රී මෙසේ රාත්‍රි ඝාතනය කර ඇත්තේ සොරබොර කපුරුමුල්ල පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ සුදේෂ් කුමාර ජයවර්ධන නැමැති 42 හැවිරිදි විශ්‍රමික යුධ හමුදා බළලත් නිලධාරියෙකු බව පොලිසිය සඳහන්කළේය .
මියගිය තම ස්වාමි පුරුෂයා රාත්‍රි 11.30ට පමණ බීමත්ව නිවසට පැමිණ තමා සහ දරුවන් දෙදෙනා මරණ බවට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කල අවස්ථාවේ දි ඔහු අත තිබු පිහිය උදුරාගෙන ඉන් පහරදුන් බවට මියගිය අයගේ බිරිද විසින් එදින රාත්‍රි පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් කල බව පොලිසිය ද පොලිසිය පැවසීය .
පොලිසිය වහාම එහි ගොස් තුවාල ලබා සිටි තුවාලකරු ප්‍රතිකාර සඳහා කඩිනමින් මහියංගණය රෝහලට ඇතුළත් කිරිමට පොලිසිය කටයුතු කලද ඒ වෙනවිටත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් පොලිසිය වෙත පවසා තිබේ .
මියගිය පුද්ගලයා ගේ මෘත ශරිරය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මහියංගණය මුලීක රෝහල් මෘත ශරිරාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබිණ .
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ඩබ්ලිව් .එම්.ආර් විජෙරත්න මහතා ගේ මෙහෙයවීම යටතේ මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .