අල්ලස් කොමිසම කරන විමර්ශනයන්ට සහාය දක්වමින් එම කොමිසමේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට අද (22) නියෝග කළේය.
අත්අඩංගුවට පත් වුවහොත් තමන්ට පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා රොහාන් ප්‍රේමරත්න මහතා විසින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා වගඋත්තරකරු කරමින් පැවරු පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අවදානමක් නොමැති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක ඔහුගේ නිවසට හෝ පදිංචි ස්ථානයකට නොගිය බවටත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරින්ද ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් ජුලි 15 වැනි දින ප්රයත්න දරා ඇති බවට කරුණු අනාවරණය වන බවය.