විශ්‍රාමික එස්අයිට දණ ගහන්න කියා රු ලක්ෂ 6ක මාලය කොල්ලකාලා
විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයාට දන ගසන්නයි අණකර ගෙලට මන්නා පිහියක් තබා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් පලාගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
පන්නිපිටිය කලල් ගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයා අවමංගල්‍ය නිවසකට ගොස් යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී බ්‍රාහ්මණගම වික්‍රමපුර මාර්ගයේ යතුරුපැදිය නවතා ගිමන් හරිමින් සිටියදී මෙම කොල්ලය සිදුවී ඇතැයි පොලිසිය කියයි.
රතු පාටට හුරු යතුරු පැදියකින් පැමිණ තිබූ කොල්ලකරුවන් දෙදෙනාගෙන් පසුපස පැමිණි පුද්ගලයා උප පොලිස් අසලට පැමිණ තර්ජනය කර ගෙල බැදි රන්මාලය කොල්ලකෑමෙන් අනතුරුව ඔහු පැළඳ සිටි අත් පළඳනාව කොල්ලකෑම සඳහා ". දන ගසපන් යනුවෙන් තර්ජනය කර ඇති අතර එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා "යකෝ මම පොලිස් කාරයෙක් මම දන ගසන්නේ නැහැ යයි පවසා කොල්ලකරු සමග පොර බැඳීමත් සමගම කොල්ලකරු යතුරුපැදියේ නැගී පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම කොල්ලය වන අවස්ථාවේදී ඒ අසන්නේ තරුණයන් රැසක් නිවසක් අසල රැඳී සිට ඇතත් කිසිදු පුද්ගලයෙකු පැමිණෙන නැතැයිද උප පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
