සමගි ජන බල වේගය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව විමසීම් කරමින් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගත් පිරිස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
ඒ අනුව අදාළ විශ්වාසභංගයෙන් පසුව සාර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවකට එක්වනවාද? එසේත් නොමැති නම් අනෙකුත් දේශපාලන බලවේග සමග කටයුතු කිරිමට සමගි ජනබලවේගය අකමැති නම් ආණ්ඩුව භාර ගන්නේද යන්න පිළිබඳව දන්වන ලෙස ස්වාධීන වූ මන්ත්රිකණ්ඩායම සඳහන් කරයි.
