ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන එන බව ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (8දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ඔහු මෙසේ සඳහන් කළේය.
ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය නොහැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.