විශ්වවිද්‍යාල වෘත්තීය සමිති වැඩ වර්ජනයකට
විශ්වවිද්‍යාල ප්‍රජාවට ඇතිකර තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා මේ මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සඳහන් කරයි.
පවතින විෂමතා මාසයක් තුළ විසඳන බවට පසුගිය 03 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව මේ වනවිට කඩ වී තිබෙන බවද වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙති.
මෙයට විරෝධය පා දෙදින වැඩ වර්ජනය සිදුකරන බවද එම සංගම සඳහන් කරති.
popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:21 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
අබිලින් Monday, 04 November 2019 06:55 AM
ඇත්තටම මුන්ට තේරෙන්නේ නැද්ද මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ විවිධ ඉල්ලීම් ඉටුකරන්න බැහැ කියල.යම් ලෙසකින් එහෙම වුනොත් මැතිවරණ කොමිසම කියාවි රජය මැතිවරණ නීති උල්ලන්ඝනය කලා කියල.චුට්ටක් එකඑකාට කඩේ නොගිහින් නුඹලාට තියෙනවා කියන චූටිම චූටි මොලය මෙහෙයවා සිතා බලන්න නුඹලා කරන්න හදනදේ හරිද කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

