විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.
“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මහ බැංකුවේ හි නිර්දේශය මත රජය මැයි මාසයේදී විවෘත ගිණුම් පදනම් කරගත් ආනයන තහනම් කළේය. කෙසේ වෙතත්, ජුනි මාසයේදී විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ආනයනය කිරීමට අවසර දීම සඳහා තහනම ලිහිල් කරන ලදී.
විවෘත ගිණුම් වෙළෙඳාම ලිහිල් කිරීම වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත වැටීමට බලපා ඇති බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් මතයකි.
"විවෘත ගිණුම් ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් මෙන්ම හවාලා සහ උන්ඩඩයල්වැනි අවිධිමත් නාලිකා මගින් පිරිනමන විනිමය අනුපාත පහත වැටුණා.මේ නිසා භාණ්ඩ මිල ද පහත වැටුණා" යැයී ඔහු පැවැසිය.
එසේම ඉන්දීය ණය සහනය ආනයනය කිරීම ඇතුළු තවත් ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් මෙම පහත වැටීමට හේතු වූ බවද ආචාර්ය වීරසිංහ අවධාරණය කළේය.
කිරිපිටි සහ සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක් ආනයනය කරනු ලැබුවේ බැංකු අංශයෙන් ලබාදෙන විදේශ විනිමයෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අනුමත ආනයනකරුවන් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්කාශනය කිරීමේ බලපැවැත්වෙන දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කරමින් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කළේය.