වර්තමානයේ පිහිටවා ඇත්තේ ජාතිවාදයෙන් තොර දේශපාලන සදාචාරය හා සාරධර්ම ඇති ආණ්ඩුවක් බවත් බුදු දහම සහ සියලු ආගම්වලට එකඟ සාරධර්ම ඇති කිරීමට කටයුතු කරන බවත් රට තුළ ජීව විද්‍යාත්මක හේතූන්මත විවිධ ලිංගික නැමියාවන් ඇති ජනතාව සිටින බැවින් ඔවුන් කිසිවිටෙක අසාධාරණයට ලක් නොවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් කිසිදු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර නැති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල එකඟතාවයක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යංශවල දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කරන කමිටු පිහිටුවීමට සමගාමීව එහි එක් අදියරක් ලෙස ප්‍රවාහන , මහා මාර්ග හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කමිටුව ස්ථාපිත කිරීම එම විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (1දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා මාධ්‍ය අවසර නොලැබුණු අතර එම රැස්වීමෙන් අනතුරුව බිමල් රත්නායක අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්විය.
හිංසා පීඩනයකින් තොරව දරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා මිසක මනුස්සය අයිතිවාසිකම් අයිතීන් සුරකීමට කටයුතු කරන අතර විවිධ පනත් ගෙන එන බවට පවසමින් විවේචන සිදු කරනු ලබන්නේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට කටයුතු කළ පුද්ගලයන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක මුදලක් අද දිනේදී වෙන් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
මගී ප්‍රවාහනයේ දී අද දින ක්‍රියාත්මක කරනු ලැබූ මගීන් වෙත ටිකට් පතක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා මෙන් උතුරු මැද පළාත තුළද එම නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බවත් බස් ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ප්‍රවාහන කොමිසම මගින් ඉන්ධන මිල අඩුවීම ගණනය කොට බස් ගාස්තු සංශෝධනය පිළිබඳව හෙට දිනයේදී දැනුම් දීමට කටයුතු කරන බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ විශාල වංචා දූෂණ ගණනාවක් පවතින බවත් බිඳ වැටී ඇති එම ආයතනය ගොඩනගමින් පවතින බවත් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරය මෙහිදී පැවසීය.
වැරදි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිසි විමර්ශනයකින් පසුව සිදු කළ යුතු අතර නීතියට උඩින් සිටින බවට ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේ නම් ඉදිරියේදී අර්ජුන මහේන්ද්රයන්ට , පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට මෙන්ම තාජුඩීන් ඝාතනය කළ පුද්ගලයන්ටද නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ සඳහා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.