විවාහ වීමට සිටි බාලවයස්කාර දැරිය මංගල ඇඳුම පිටින්ම අත්අඩංගුවට
මොරටුව අඟුලානේ බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑ තරැණයා සහ දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් (9දා)අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය.
විවාපත් වීමට ගිය මනාලියගේ වයසේ අවු අවුරුදු 15යි මාස හයක් බව සඳහන් කරන පොලිසිය සැකකාර තරුණයාගේ වයස අවුරුදු දහනවයක් බවත් මොවුන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති දෙදෙනෙක් බවත් සිදු කරනු ලැබූ මූලික විමර්ශනයේදී හෙළි වු බව පොලිසිය පැවසීය.
මේ වන විට තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන බව සඳහන් කල පොලිසිය බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය පැවසී ය
සයුරුපුර උත්සව ශාලාවේ මෙම මංගල උත්සවය පැවති බව සඳහන් කරන පොලිසිය එම ස්ථානයට නිලධාරීන් ලඟා වන විට පෝරු චාරිත්‍ර අවසන් කොට මනාල යුවළ මංගල සභාවේ සිටි බව පැවසීය.
දැරිය සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති මෙම තරුණයා ට දැරියගේ සීයා විසින් බැන වැදීම හේතුවෙන් ඇතිව වූ සිත් තැවුලෙන් යුතුව ඇඳුම් ගැනිමට මොරටු නගරයට යන මුවාවෙන් දෙදෙනා මග්ගොනට ඥාති නිවෙසකට පලාගොස් සිත ඇති බව පොලිසිය පැවසීය.
එහිදි දෙදෙනා අඹුසැමි සඹඳතා පවත්වා ඇති අතර ඥාතින්ගේ මැදිහත්වීමෙන් දෙදෙනා කැඳවාගෙනවිත් මංගල උත්සවය ගැනීමට කටයුතු කර ඇතිබව පොලිසිය පැවසීය.
තරුණයාගේ මව මැදපෙරදිග රටක සේවය කරන තැනැත්තියක බව සඳහන් කරන පොලිසිය මංගල වූ උත්සවය මවගේ මුදලින් සංවිධානය කර තිබූ බව සඳහන් කරන පොලිසිය තරුණයා රැකියාවක් නොමැති පුද්ගලයකු බවද පොලිසිය පැවැසීය.
තරුණියගේ දෙමාපියන් දෙදෙනා උපතින්ම ආබාධිත තත්ත්වයට පත්ව සිටින යුවලක් බව සඳහන් කරන පොලිසිය ඔවුන්ගේද අනුදැනුම පිට මෙම මංගල උත්සවය සංවිධානය කොට තිබූ බව පැවසීය.
ප්‍රදේශ්යේ සැලකිය යුතු පිරිසකට මෙම උත්සවය සඳහා ආරාධනා සිදු කොට තිබූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් තරුණයා අද දින මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශරද ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බණ්ඩාර,කාන්තා පොලිස් කොස්තාපල් 11832 දුලංකා පොලිස් කොස්තාපල්වරුන් වන 69658 බණ්ඩාර,97321විජේසිංහ 40568 වසන්ත යන නිල නිලධාරීහු සිදු කරති.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
-
Dasuni Piyumatha Wednesday, 12 October 2022 05:40 AM
Mehema Dewal dakinkota Apita api ganama Sathutu hithenawa.
Reply : 0 0
Dasuni Malithi Wednesday, 12 October 2022 05:41 AM
Mewa dewa saapa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

