විවාහ මංගල උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.
මේ අනුව අදින් පසුව ලබා ගන්නා ඇණවුම් සඳහා මෙම මිල වැඩිකිරීම සිදුකරන බව එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා පවසයි.
උද්දමනය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් මෙසේ මිල වැඩි කිරීමට සිදුවන බව ඔහු පැවැසීය.
මේ වන විට ලබාගෙන ඇති ඇණවුම් වෙනුවෙන් සියයට 20ක මිල වැඩිකිරීමක් සිදුවන බවද ඔහු පැවැසීය. ඒ අනුව දැනට රුපියල් 1000ක මිලකට ඇණවුම් කර ඇති ආහාර පිඟානක මිල රුපියල් 1200ක් දක්වා වැඩිවිමට නියමිතය.