විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ප්රධාන දුම්රිය මාරගයේ දුම්රිය ධාවනය මෙන්ම ගිරිඋල්ල - මීරිගම මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.
දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.
අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ.

