හෙට දිනයේදී විරෝධතා සංවිධානය කර ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බවත් මෙම විරෝධතා සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
යම් හෙයකින් එම විරෝධතා ප්රචණ්ඩකාරීවුවහොත් ඒවා පාලනය කිරීමට නීතිමය රාමුව අනුව කටයුතු කරන බවද ඔහු පැවැසීය.
“හෙට දිනයේ විවිධ විරෝධතා පැවැත්වෙන බවට තොරතුරු හුවමාරු වෙනවා. බුද්ධි අංශත් තහවුරු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන මූලික අයිතිවාසිකම් සාමකාමිව භුක්ති විදින්න.
විරෝධතාවන් ප්‍රචණ්ඩකාරිත්වයට යොමුවුණොත් පොලීසියට නීතිමය රාමුව අනුව කටයුතු කරන්න වෙනවා. විරෝධතා සංවිධානය කරන පිරිසට කියන්නේ විරෝධතා සාමකාමීව පවත්වන්න. ප්‍රචණ්ඩත්වයට යොමුකරන්න එපා.
පොලීසියට අවශ්‍ය සහාය ලබාදීමට ආරක්ෂක අංශ සහාය දෙනවා. පොලිස් නිලධාරින් හා ආරක්ෂක අංශ සාමාජිකයන් සමග ගැටුම්වලට යන්න එපා.”