විරෝධතා දක්වන විට ප්රචණ්ඩත්වයෙන් වළකින්න
සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතියට බාධාවක් නොමැති බවත් රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව ශ්රී ලංකා පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විරෝධතා දක්වන විට ප්රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.
"සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නෑ. රඹුක්කන ප්රදේශයේ සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇත. විරෝධතා දක්වන විට ප්රචණ්ඩත්වයෙන් වළකින ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි."
popular news
-
LGPJ Thursday, 21 April 2022 07:29 AM
This particular advice is very suitable for police officers too.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

