ඉරාන ආණ්ඩුවට ඒරෙහි විරෝධතාවලට එක්වූ ඒරට ජාතික මල්ලවපොර කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙකුට ඉරානය විසින්මරණ දඬුවම නියම කර ක්‍රියාත්මක කර තිබේ.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ඒ්කාබද්ධව ඉරානයට ඒරෙහිව ආරම්භ කළ යුද්ධයට පෙරාතුව
ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භව තිබුණි. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව මෙන්ම උත්තරීතර නායක
අයතුල්ලා අලි කමේනිගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය පාලනයට එරෙහිව මෙම විරෝධතා පැවැත්විණි.
ජනවාරි මාසයේ විරෝධතා අතරතුර පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වීමෙන් පසු ඉරාන
මල්ලවපොර කණ්ඩායමේ සාමාජිකයෙකු වන සාලේ මොහොමඩ්ට බ්‍රහස්පතින්දා මරණ දඬුවම නියම කළ බව
සීබීඑස් වාර්තා කරයි.
වයස අවුරුදු 19 ක් වූ මොහොමඩ් තවත් දෙදෙනෙකු සමඟ මරණ දඬුවම නියම කරන ලදී.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පුණ්‍යායතනයක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට තර්ක කර තිබුණේ,
මොහොමඩ් සහ සෙසු චූදිත විරෝධතාකරුවන් "කඩිනම් අසාධාරණ නඩු විභාගවලට" මුහුණ දී ඇති බව පවසමිනි.