අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කැළණිය සරසවිය අසළින් අවහිර වී තිබූ කොළඹ - නුවර මාර්ගයේ මංතීරු දෙකක් මේ වනවිට ගමනාගමනයට විවෘත කර ඇතැයි වාර්තා වෙයි.
මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වූ සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග මාර්ගයේ වාහන ධාවනය සඳහා අවස්ථාව සලසා ඇති අතර විරෝධතාවයේ නිරත සිසුන් කැළණිය විශ්වවිද්‍යාල ප්‍රවේශ මාර්ගයේ රැඳි සිටින බවත් සඳහන්.