මේ දිනවල බලපා ඇති වියලි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් කෙසෙල් වගාවන් වැනසීමේ තර්ජනයකට ලක්ව.ඇති බව කුරුණෑගල දිසාවේ ගොවීන් පවසති.
පවතින තත්වය හේතුවෙන් වෙළඳ පල කෙසෙල් මිලද ඉහල ගොස් ඇති අතර ඇඹුල් කෙසෙල් කිලෝව රැපියල් 120/= ;සිට ඉහල මිල ගනන් යටතේත් කෝලි කුට්ටු කිලෝවක් රැපියල් 400/= සිට ඉහල මිල ගනන් යටතේත් මිලදී ගැණීමට සිදුව ඇති බවද පාරිභෝගික ජනයා පවසති.
පවතින නියඟ තත්වය හේතුවෙන් කෙසෙල් වගා විනාශ වීම වලක්වා ගැණීමට මෝටර් මගින් හෝ ජලය සපයා යම් පමණකින් හෝ වගාවන් ආරක්ෂා කර ගැණීමට ඇතැම් ගොවීන් උත්සාහ දැරුවද පවතින සුළං තත්වය හේතුවෙන් කෙසෙල් ගස්පෙ රලී යාම හේතුවෙන් තම ආදායම් අහිමි වී ඇති බව ගොවීන් පවසයි.
ප්‍රියාණි මංගලිකා