විමල්, වාසු, උදය, අනුර, ඩලස්, මෛත්‍රී එක්වෙති
උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද 'නිදහස් ජනතා සන්ධානය' නමින් ඊයේ (11දා) කොළඹ දී සන්ධානගත විය.
නිදහස් ජනතා සන්ධානය පිහිටුවීම සංකේතවත් කරමින් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අසංක නවරත්න, නිදහස් ජනතා පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා යන මහත්වරු සන්ධාන ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාව අමතා ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු අදහස් දැක්වූහ.



popular news
-
Samson De Silva Thursday, 12 January 2023 03:30 AM
Munta helicopteren ewillaa, helikotten thamayi duwanna wenne! Charitha Herath, Sudarshini weni thaarama durata janathaawage gaurawayata paathra wunu ayath mey deshapaalanika apathayanta hasuweema kanagaatu daayakayi.
Reply : 0 0
Don Hemasiri Fernando Thursday, 12 January 2023 06:36 AM
We know who is Sumathipalaa, person who ruined Sri Lanka Telecom
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
