හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කැරලිකාර මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බවයි.
ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ යෝග්‍ය නොවන බව ඔවුන්ට හැඟෙන බවද ඔහු පැවසීය. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බල කරන බව නානායක්කාර පවසයි.
දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා කර යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික විධායක සභාවක් පිහිටුවීම, ණය සහන කාලයක් ඉල්ලා සිටීම, වරප්‍රසාද නොලබන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනාවලට ඇතුළත් බව ඔහු පැවසීය.