හෙට දිනයේදි පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇති රණවිරු සැමරුම් උත්සවයට බාධා වන අයුරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ඇතුළු පිරිසක් අද එම ස්ථානයට අවසරයකින් තොරව ඇතුළුවීමට උත්සාහ කරමින් කළහකාරී ලෙස හැසිරුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා පවසයි.
ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.