විමල්ලාගේ විනාඩි 18 සොරා ගත්තේ ආණ්ඩුවද විපක්ෂයද?
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම් 4ට පාර්ලිමේන්තුව තුළ විනාඩි 48ක කාලයක් වෙන්ව තිබුණත් ලැබී ඇත්තේ විනාඩි 30ක කාලයක් පමණක් බවත් ඒ අනුව විනාඩි 18ක කාලය ආණ්ඩුව හෝ විපක්ෂය සොරාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවැසීය.
“පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා පාර්ලිමේන්තුව රැස්වෙන කාලය පැය භාගයකින් දිගු කරලා ඒ පැය භාගයක කාලය ආණ්ඩුවේ සිට විපක්ෂයට ආපු මන්ත්රීවරුන්ට ලබාදෙන්න. ඊට අමතරව ආණ්ඩුවට තිබෙන සියයට 65ක කාලයෙන් සියයට 5කුත් ලබාදෙන්න.
ඒ අනුව අපිට පැය භාගයක් හා සියයට 5න් ලැබුණ විනාඩි 18ක කාලය අයිතියි. එතකොට විනාඩි 48යි. දැන් අපිට පැය භාගයක කාලයක් ලැබිලා තියෙනවා. කිරිඇල්ල විපක්ෂයේ සංවිධායකතුමා ඒක 7.5 ගානේ හතර ගොල්ලන්ට බෙදාගෙන බෙදාගෙන යනවා. අර විනාඩි 18ට වෙච්ච දෙයක් නෑ.
කවුද ඒක හොරා කාලා තියෙන්නේ. මෙහෙන් හොරාකාලද ඔහෙන් හොරා කාලද? විපක්ෂ සංවිධායක තුමා කියන්නේ ඒක ආණ්ඩු පක්ෂයෙන් දීලා නෑ කියලා. මන්ත්රිවරු 35කටම තියෙන්නේ විනාඩි 48යි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

