ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලයතුළදී සිය වත්කම් හාආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මගින්උcපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි 17වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02දා) නියම කළේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71/2කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇතිබවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයන්ත වීරසිංහ මහතා රෝගී තත්ත්වයෙන් පසුවනබව පවසමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව කල් තැබීමට නියම කළේය.
2009ජනවාරි මස 01වැනිදාත් 2014දෙසැම්බර් මස 31වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්යනුකූලවත්කම් හා ලැබීම්වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017කමුදල් හා දේපළ උපයාගෙන ඇති බවත්, එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ, අල්ලස්වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.