විමල්ට එරෙහි නඩුවක් ලබන වසරේ සිට විභාග කරයි
- 14 10 2021
- 22:02
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර පහක කාලය තුළ උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 02 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ශඩේන් මහතා අද (14) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අවස්ථාවේ දී ඉදිරිපත්වූ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
2010 ජනවාරි මස පළවෙනිදාත් 2014 දෙසැම්බර් මස 31 වෙනිදාත් අතර කාලයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සි වැටුප් හා ආදායම් ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුවෝ සිටීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.
එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමට ද නියම කළේය.
මෙම නඩුව විභාග කරන ලබන වසරේ පෙබරවාරි මස දෙවැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර විමල් වීරවංශ මහතාට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

