ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් සකස් කරන නව දේශපාලන සන්ධානය එළැඹෙන 4 දා කොළඹදී එළි දැක්වීමට නියමිතය. මෙහි නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා නම්කර තිබේ.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකමුතුව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. ආණ්ඩුවට හේ විපක්ෂයට සම්බන්ධ ඕනෑම පාර්ශ්වයකට මෙම සන්ධානය හා එක්වීමට හැකියාව තිබේ.
මෙම සන්ධානයේ නායකයා කවුරුන්ද යන්න එළැඹෙන 04 දා නම් කිරීමට නියමිතව තිබේ.