නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (14) දින පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය (14) දින පස්වරුවේ සිට වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් තව දුරටත් කියා සිටියේ.