කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය ජල පෝෂක ප්‍රදේශයට (19) දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසිය.
කාසල්රි ජලාශයේ ජල ධාරිතාව ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරයේ සියළුම විදුලි උත්පාදන යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් විදුලි උත්පාදන කටයුතු සිදු කරන නිසා විමලසුරෙන්ද්‍ර ජලාශයද තවදුරටත් වාන් දමමින් පවතින බව විදුලි බලාගාර ඉංජිනේරුවරයා පැවසිය.

