විමධ්‍යගත මුදල් වෙන් කිරිමේ දි මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ නමින් එම මුදල් වෙන් කිරිමට කටයුතු නොකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා පවසයි.
විමධ්‍යගත ප්‍රතිපාදන සදහා ලැබෙන මුදල් ආණ්ඩුපක්ෂයේ හෝ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ නමින් වෙන්නොකරණ බවද මන්ත්‍රිවරයා පවසයි. දිස්ත්‍රික්කය සදහා ලැබෙන විමධ්‍යගත මුදල් සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලබාදෙන බවද හෙතෙම පවසයි. විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 103ක මුදලක් ලැබි ඇති බවත් එම මුදල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සදහා බෙදාදුන් බවද මන්ත්‍රිවරයා පවසයි.
ලැබි ඇති සංවර්ධන යෝජනා සදහා ප්‍රමුඛතාවය අනුව විමධ්‍යගත මුදල් ඇතුළත්කොට ලබාදෙන ලෙස ප්‍රා දේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදි ඇති බවද මන්ත්‍රිවරයා පවසයි. විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද සංවර්ධන යෝජනා ඉදිරිපත් කළහැකි බවද වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා වැඩිදුරටත් සදහන් කළේය.