විපක්ෂ නායක ධුරයට සජිත්ට ඕනෑ - එජාප මන්ත්‍රීවරු ඉල්ලති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පත්වීම නිසා පුරප්පාඩු වන විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට සූදානම් වී සිටිති.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙසටද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් වෙනම ලිපියක් අත්සන් කර ඇති බවටද 'අද'ට වාර්තා වෙයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් වුවද ඉදිරියේදී කුමනාකාරයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ මේ දක්වාම ප්‍රකාශයට පත්කර නොමැත.
නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 වැනිදාය.

popular news
-
janaka fernando Thursday, 21 November 2019 10:24 AM
හැම තිස්සෙම කකුලෙන් ඇද්ද මේ මනුස්සයට ලජ්ජා නැද්ද මේ තනතුර ඉල්ලන්න ආයුබෝවන් !
Reply : 0 0
wimal Thursday, 21 November 2019 11:54 AM
දෙන්න නම් එපා මේ වගේ අපරිනතයෙකුට.
Reply : 0 0
Perakum Saturday, 23 November 2019 05:03 AM
මේ වගේ අපරිණත විකට චරිතයක් ඔවැනි වගකිවයුතු තනතුරකට කිසිසේත්ම සුදුසු නැත.
Reply : 0 0
Champa Sunday, 24 November 2019 05:57 PM
කලිනුත් ලිව්වා මේ ගැන. පරිණත අපරිණත බව මෙතනට අදාළ නැහැ. මේ තියෙන්නේ 2015 පත් වුනු පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවට පත්වුණු එජාපයේ පක්ෂ නායකයා විදිහට රනිල්ව පාර්ලිමේන්තුව විසින් පිලි අරන් තියෙනව. සජිත්ගේ නායකත්වයෙන් පක්ෂයක් පාර්ලිමේන්තුවට තරඟ කලේ නැහැ. සජිත් යූඑන්පී නායකයා නම් අත්සන් කර කර ඉල්ලන්න දෙයක් නැහැ. නීත්‍යානුකූලව විපක්ෂනායකකම ලැබෙනවා.
Reply : 0 0
මංජුල Tuesday, 26 November 2019 12:16 PM
ඔබතුමා තවමත් බොලද වැඩිය්. අවරුදු විසි පහක් හිටියා උනත් රනිල් මහත්තයාගේ පරිනත බවෙන් කාලක් වත් පෙනෙන්න නැහැ. අනුන්ගේ උසි ගැන්වීම් වලට යටත් වී අනාගතය විනාශ කරගන්න එපා. ශ්‍රී මුඛය සහ ආර්යා කතාවන් තවමත් අලුත් ඒවා නිසා තව කලක් ඉවසන්න.තාත්තා කරපු ක්‍රමය දැන් හරියන්නේ නැහැ. ඔය තියෙන චන්ද ටිකත් නැතිවෙන වැඩ කරන්න එපා. තව අවරුදු දහයක් වත් ඉවසන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

