විපක්ෂ නායකකම ලැබිය යුත්තේ ජවිපෙටයි
මේ දිනවල පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමට තරගයක් ඇති අතර පාර්ලිමේන්තුව තුළ සැබෑ ලෙසම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බැවින් විපක්ෂ නායකකම ලැබිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට බව එම පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22දා) සවස බදුල්ල රිදීපාන ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
"අද මේ රටේ වගකිවයුතු දේශපාලඥයන් ජනතා ප්‍රශ්න පැත්තකට දමා තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන්අරගල කරනවා. පසුගිය දිනවල මෛත්‍රීපාල සිරිසේන- මහින්ද රාජපක්ෂ එක්ව බලෙන් ආණ්ඩුවක් පිහිටුවා බලය රැකගන්න උත්සාහ කළේ ජනතා ප්‍රශ්න විසඳන්න නොවේ.
මහින්ද රාජපක්ෂ දැන් අසාර්ථක නායකයෙක්. මහින්දට ආපහු ගොඩඑන්න බෑ. ටික කලක සිට පරාජය මහින්දගෙ නළලෙ කොටල තියෙන්නේ. පහුගිය ජනාධිපතිවරණය කැඳවාගත්තෙ එයාමයි. ඒත් ඒකෙන් පරාදයි.
දැන් අලුත්ම තරගය විපක්ෂ නායක තරගය. පහුගිය කාලෙ රටේ අගමැතිවරුන් දෙන්නෙක් හිටියා. දැන් විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්නවා. හරිනම් විපක්ෂ නායකකම ලැබෙන්න ඕන ඔය කාටවත් නොවේ. ජනතා විමුක්ති පෙරමුණටයි. පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය අපියි. සැබෑ ලෙසම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්නේ අපියි.
තමන්ගේ වාසියට රටට අහිතකර වුණත් ඕනෑම වරදක් වහගෙන ඉන්න ඒ අයට පුළුවන්. විපක්ෂයේ කාර්යය කරන්නේ ජ.වි.පෙ. විතරයි. ඒ නිසා රටට හොඳක් වෙන්න නම් නව ජනබලයක් ගොඩනගන්න ජනතාව කටයුතු කළ යුතුයි" යැයි පවසා සිටියේය.
හාලිඇල- විජේරත්න රත්නායක

popular news
-
Champa Sunday, 23 December 2018 07:45 PM
සැබෑ විපක්ෂය 19 වෙනි ව්‍යවස්ථාවට විරුද්ධව චන්දෙ දුන්නද? 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල රට අරාජික කරන්න හදන ජේවීපී සැබෑ විපක්ෂය, ඇයි මන්ත්‍රීවරු පක්ෂ මාරු කරන එකට විරුද්ධව යෝජනාවක් ගෙනල්ල පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ පට්ටම් එකෙනෙහිම අහෝසි කරන්න කටයුතු කරන්නේ නැත්තේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
