විපක්ෂයේ වොයිස්කට් දේශපාලනයට අපි බය නෑ
විපක්ෂය වොයිස්කට් දේශපාලනයේ කටයුතු සිදු කරන බවත්, ඔවුන්ට කිසිදු ජන වරමක් නොමැති බවත්, එම වොයිස්කට් දේශපාලනයට රජය කිසිසේත් බිය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා (06) දින පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (06) දින පස්වරුවේ පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,
“විපක්ෂය මාධ්‍ය සන්දර්ශන දානවා. වොයිස්කට් දේශපාලනයේ යෙදෙමින් සිටිනවා. ඒවගේම ඔවුන් බියට පත් වෙලා තියනවා, නීතිය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විපක්ෂයේ සමහර පිරිස්වලට එරෙහිව ජනතාව පැමිණිලි තබා දිලා තියනවා. ශ්‍රීලංකා පොලිසියටත්, අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවටත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට එරෙහිව හඩක් නැගිම සදහා විපක්ෂයේ වේදිකාව යොදාගෙන තියනවා.
කවුරුහරි අපරාධකාරයෙක්, දූෂිතයෙක්, මූල්‍ය අවභාවිතා කරපු කෙනෙක්, CID එකට ගෙනාපුවාම, පොලිසියට ගෙනාපුවාම ඊට එරෙහිව මහා ජන බලයක් තියනවා කියලා රංගන දක්වනවා.
අපි කිසිසේත්ම පසුබට වෙන්නෑ මේ රටේ මහජනයාගේ දේපල කොල්ල කාපු මංකොල්ලකරුවන්, මේ රටේ අපරාධ කරපු කිසිම පුද්ගලයෙක් ඔය විදිහට නිදල්ලේ හැසිරෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ සියලු දෙනා නීතියේ රැහැනට ගේනවා. නීත්‍යානුකුලව කටයුතු කරනවා. අධිකරණයට පමුණුවනවා, ඒ පොලිසියේ කාර්යභාරය, ඒ කාර්යභරය නොපිරිහෙලි ඉටු කිරිමට අපි පොලිසිය හසුරවනවා.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

